top of page
Search

රතනසූත්‍රය vs. Frequency

Writer's picture: Asadithaya MusicAsadithaya Music

written by Nadeeja Matharaarachchi


හදුන්වාදීම


  • ශබ්දය යනු, අංශුකම්පනය තුලින් ඇති කරණ කම්පන තරංග ශ්‍රවන ඉන්ද්‍රිය මගින් සංඥ්ඥාවක් ලෙස මොලයට ඇතුලු වී මොලය මගින් හදුනා ගන්නා සන්නිවෙදනයකි

  • අංශු මාධ්‍යයකට එල්ලවන පීඩනයක් මගින් එම මාධ්‍ය කම්පනයකට භාජනය වීම හා එමගින් ඇතිවන කම්පන තරංග තුලින් මෙම ශබ්ද තරංග ඇති වෙනවා

  • මෙම තරංග ස්වභාවයන් අන්වායාම (Longitude waves)කියලා කියනවා

පැවැත්මෙ හැසිරීම තහවුරු කරන මාධ්‍ය

  • ඉතින් මේ අන්වායාම තරංගවලට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි, මේකත් දෙකට බෙදෙනවා Longitudinal waves and Transverse waves කියලා.

  • එකියන්නෙ කල්පවත්නා තරංග සහ තීර්යක් තරංග.

  • කල්පවත්නා තරංග වෙන්නෙ ශබ්දය, තීර්රයයක් තරංග වෙන්නෙ ජල තරංග.

මිනිස් කන / සයින් වේව් හා තරංගයෙ ලක්ශනගුණ



  • ශබ්ද තරංග සම්පීඩිත හා පුළුල් කරන ලද වායු පීඩන උච්චාවචනයන් මගින් නිර්මාණය වෙනවා.

  • පීඩන විචලනයන් සයින් ලෙස හදාගත්ත, ශබ්දය තරංග ලෙස ව්‍යාප්ත වෙනවා.

  • ශබ්දයෙ පීඩනයෙ මට්ටම හෝ ශබ්ද තීව්‍රතා මට්ටම, මීටරයක් ​​භාවිතා කිරීමෙන් ශබ්දය මනින්න පුළුවන්.

  • ශබ්ද පීඩනය මනිනු ලබන්නේ N ( නිව්ටන් )/m^2 හෝ පැස්කල් වලින් වන අතර ශබ්ද තීව්‍රතාව W (වොට්)/m^2 වේ.

  • සංඛ්‍යාතය (තාරතාව) මනිනු ලබන්නේ තත්පරයට චක්‍ර ගණන ලෙස වන අතර ඒකකය හර්ට්ස් (Hz) වේ.

  • මිනිසුන්ට ඇසෙන පරාසය 20 සිට 20000HZ දක්වා වේ.

  • මිනිස් කණ සංඛ්‍යාත වලට ප්‍රතිචාර දැකිවීම සදහා විශාල සංවේදීතාවයක් දක්වනවා වුනාට මෙතරම්ම පරාසයක් ඇහෙන්නෙ නෑ.

  • Sound engineer කෙනෙකුට සමාන්‍ය මනුස්සයෙකුට වඩා ඇහෙනවා, ඒක එයා practice කරලා නිසා, අනිත් අයට නම් ගොඩක්ම අඩුයි

  • මිනිස් කණ සංඛ්‍යාත ප්‍රතිචාරයට, ශබ්ද පීඩනයට විශාල සංවේදීතාවයක් ඇති අතර ශබ්දයේ ශබ්දය හඳුනාගත හැකි වනවා

  • වේදනාවේ සීමාව වෙන්නෙ 120dB ක් වගෙ.

  • කණ සෑම සංඛ්‍යාතයකම සමානව සංවේදී වෙන්නෙ නෑ, කණ 4000HZ හි වඩාත් සංවේදී වෙනවා

  • මේවා ස්වභාවයෙන් කෘතිමව හටගන්නවා,

  • මෙම ශබ්ද පරිසරය තුල හැසිරීමේදි සීමාවන් තියෙනවා. උදාහරනයක් ලෙස හඩෙ සැර, කණට ඇති ප්‍රියමනාප බව, නැවත ඇසීම සදහා ගබඩා නොවීම

  • ඒක ගලාගෙන ගිහින් වෙන පදාර්ථයෙ ස්වභාවකට බලපෑමක් පමණයි කරන්නෙ හො නොකරන්නෙ. ඉස්සරත් කිව්වාවගෙ Transformation එකක් කියන්නත් පුළුවන් , තේරෙනවනෙ ශක්ති සංස්ථිතිය ගැන කිව්වෙ.

සම්පීඩන හා දුර්ලභත්වය සයින් හැඩය

  • පිරිසිදු සයින් තරංග යනු ස්වභාවදහමෙ දක්නට ලැබෙන අනෙකුත් සියලුම තරංගවල සරලම ආකෘතියයි.

  • අපට ඇසෙන සියලුම ශබ්ද (සංගීත හෝ අනෙක් ) විවිධ සංඛ්‍යාත හා විස්තාරයන් පිරිසිදු සයින් තරංග වේ.

  • ඒවායේ සංඛ්‍යාතය සහ විස්තාරය සම්බන්ධතා මගින් තාරතාවය තීරණය වේ.

  • ජීන් බැප්ටිස්ට් ජෝශප් ෆෝලර් යන විද්වතා යෝජනා කළේ ඕනෑම ගණිතමය ශ්‍රිතයක් ත්‍රිකෝණමිතික ශ්‍රේණියක් මගින් විස්තර කළ හැකි බවයි. ඒක ඔබ දන්නවා ඇතී සිතනවා

  • තරංග ආයාමය අඩු සංඛ්‍යාත ශබ්දයට වඩා වෙනස් වන අතර චක්‍රයේ පුනරාවර්තනය සඳහා ගතවන දුර සංලක්ෂිත වෙනවා. ඒකියන්නෙ මාධ්‍ය අනුව ගමන් කරන වේගය වෙනස් වෙනවා කියන එක.

  • V = 340ms-1 නම්, f = 100 Hz නම් V = fA මගින් තරංග ආයාමය 3.4 ms-1.

  • ශබ්දයේ වේගය

වාතය - 340ms-1,

ජලය - 1500ms-1,

පාෂාණය - 2000-5000 ms-1

  • මෙයින් ඇඟවෙන්නේ පීඩනයේ උච්චාවචනයන්හි පැහැදිලි කිරීමයි.

  • ඒකියන්නෙ සයින් වේව් එකකක නැග්ම සහ බැස්ම. පුනරාවර්තන අවධීන් දෙක කියලත් කියනවා.

  • සම්පීඩනය (සාමාන්‍ය මට්ටමට වඩා පීඩනය) - දුර්ලභත්වය තරංගය තීර්යයක් ලෙස ගන්නවිට කාලයට හා ස්වභාවයට අනුව වෙනස් වේ.

  • උදාහරනයක් ලෙස: ගලක් පොකුණකට විසි කලොත් ජල අණු ඉහළට හා පහළට ගමන් කරනවා පේනවා, මේ චලිතය තමා තීර්යක් තරංග කියලා කියන්නෙ.

  • වාතයේ දී වෙන්නෙ, අණු ඉදිරියට හා පසුපසට ගමන් කිරීමක්, අනික ඒවයේ චලනයට දේශාංශික තරංග කියලා කියනවා.

Harmonics කියන්නෙ මොකක්ද..?

  • යම් පිරිසිදු තනි සයින් රටාවක් සමග අනුනාද (resonate) වන ඊට සමාන වන සංඛ්‍යාතයන් harmonics කියලා සරලව කියන්න පුළුවන්.


  • EG: සිතාරයක තනි note එකක් play කරනකොට ඊට යටින් තියෙන අනු තන්තු ඉබේම අනුනාද වෙන්න ගන්නවා, මේක අපි ඕන තරම් දැකලා තියෙනවා.. ගොරවනකොට ජනෙල් සෙලවීමවගෙ, හැම තැනම මේක දක්නට ලැබෙනවා.. (අනුනාදය)

  • ඒකියන්නෙ අදාල සයින් සංඛ්‍යාතය ඒ අදාල වස්තුවෙ ගානට කම්පනය උනොත්, ඒතන නිශ්චල තාවය බිද වැටිලා පිරිසිදු සයින් එකත් එක්කම කම්පනය වෙන්න ගන්නවා.

  • මේක යොදා ගන්නවා මුත්‍රාශයෙ ගල් හැදුනම දියකරන්න,(කම්පනය කරලා කුඩු කරන්න)

  • දැන් හොයාගෙන තියෙනවා, පිළිකා සෛල උනත් ඒවිදියට අනුනාදයෙන් විනාශ කරන්න පුළුවන් කියලා. අපි බලං ඉමුකො.

  • දන්නවද අපි සංගීතයෙ භාවිතා කරන කිසිම note එකක් තනි නෑ. ඔක්කොම අනුනාද කම්පනයන් වල එකතුවක්.

  • ස - 256HZ නම් පිරිසිදු තනි සයින් සංඛ්‍යාත ය විතරක් නෙවෙයි චලනය වෙන්නෙ. ඊට අදාල වටපිටාවෙ ඔක්කොම එකතු කරගෙන තමයි අපිට "ස" ස්වරය ඇහෙන්නෙ.


  • කවදාවත් Orginal 256HZමිනිස්සුන්ට සංගීතයෙ යොදාගන්න බෑ. ඒක අමිහිරි.

  • එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න ඔනෙ, 256HZ වාදනය කරන සංගීත භාණ්ඩ වර්ග දෙකක ශබ්දය එකක් නොවී දෙකක් උනෙ කොහොමද කියලා.

  • EG : වයලීනයෙ "ස" සද්දෙ නෙවෙයි ගිටාරයෙ "ස" වයද්දි ඇහෙන්නෙ. අපිට ඒක වයලීනයක්ද ගිටාරයක්ද කියලා පැහැදිලිවම අදුරගන්න පුළුවන් වෙන්නෙ, මෙන්න මේ කිව්ව Harmonic නිසා.

  • ඒකියන්නෙ භාන්ඩයට අදාල මෙටීරියල් එක මත පිරිසිදු සයින් සංඛ්‍යාතය එක්ක අනුනාද වන අනෙකුත් සංඛ්‍යාත නිසයි අපිට වෙනස් කමක් දැනෙන්නෙ.

  • දවසක් පයිතගරස් කම්මලක් ලගින් යනකොට ඇහුනලු පට්ටම් වලට මිටියකින් ගහන සද්දයක්. මේවෙලාවෙ පට්ටම් දෙකක් එකට වැදිලා එකම ගානට එකම තාරතාවයෙන් අනුනාද උනාලු. මේකා ඕක ඔලුවෙ තියාගෙන, ඇයි මෙහෙම වෙන්නෙ බලන්න, ගෙදර් ගිහිල්ලා, පට්ටම් කෑලි ටිකක් අරන්, කප කප බැලුවලු, ඔන්න එදා තමා සංගීතයෙ ස්වරයන්ට අදාල සංඛ්‍යාතය නිපද උනෙ.

  • දැන් තේරෙනවනෙ හාමනි හා අනුනාද කියන්නෙ මොකක්ද කියලා.

  • හාර්මොනි තුළින්, ඕනෑම ශබ්දයක් නුසුදුසු විස්තාරය සහිත සහ ඇසිය හැකි සම්බන්ධතා සහිත සයින් තරංග සංරචකයක් (එනම් පිරිසිදු නාද) ලෙස බෙදන්න පුළුවන්.

  • ශබ්දයක සයින් තරංග සංරචක කොටස් ලෙස විස්තර කෙරෙනවා.මේ ෆන්ඩමන්ටල්ස් ටික, හාර්මොනික් සහ ඕවර්ටෝන් ලෙස බෙදනවා.

  • ඉතින් මේ සියලුම කොටස් එකතු කරපු ශබ්ද වර්ණාවලියකුත් තියෙනවා.

  • මෙම ආකෘති වලට අනුව සයින් තරංග පහත පරිදි වර්ගීකරණය කරන්න පුළුවන්.

  • මූලික සංඛ්‍යාතය අනුව ශබ්දයේ pitch එක තීර්ණය වෙනවා.

  • හාර්මොනික් තරංග සාමාන්‍යයෙන් සංඛ්‍යාතය වැඩි වන අතර එහි විස්තාරය අඩුයි , විහිදෙන ප්‍රාමණය ගැන කිව්වෙ, නමුත් සෑම විටම නොවේ!

  • සමහර විට එක වෙන්නෙ අඩු සංඛ්‍යාත හාර්මොනික් වල, ඉහළ මට්ටමක පවතින ඒවට මේක බලපාන්නෙ නෑ. ඒකියන්නෙ මේ පිච් එක අඩුවැඩි වෙන එක,

  • උදාහරණයක් විදියට චූං පාන් වෑන් එකක් ගෙවල් ලගින් යද්දි සද්දෙ හොදට ඇහිලා නිකන් ඥාව් වෙලා වගෙ අඩුවෙලා යනවා දැනෙනවද? බස් එකක ශිවන්න්‍යා හෝන් එක ගහනකොට යන ගමන් සද්දෙ ඥාව් ඥාව් වගෙ ඇහිලා ඇතිනෙ? අන්න ඒකට හේතුව තමා උඩ කිව්වෙ.

  • මේ තියෙන්නෙ ප්‍රසංග සංඛ්‍යාතයන්, 110HZ (ප්‍රසංග/ කොන්සර්ට් A2 කියලා අපි කියන්නෙ) වේ. එවිට හාර්මොනික් වෙන්නෙ මෙහෙම, මේවා තමා අනුනාද වෙන්නෙ

2 x 110 = 220HZ (A3)

3 x 110 = 330HZ (E4)

4 x 110 = 440HZ (A4)

5 x 110 = 550HZ (C#5)

6 x 110 = 660HZ (E5)

7 x 110 = 770HZ (නොසලකා හරිනවා, සංගීතයෙදි අමිහිරි කියලා කියන්නෙ )

8 x 110 = 880HZ (A5)

9 x 110 = 990HZ (B5)

10 x 110 = 1100HZ (C # 6)

11 x 110 = 1210HZ (බැහර කරනවා ප්‍රසංග සංගීතයෙදි )


  • ඔන්න දැන් තමයි සීන් එකට එන්නර් වෙන්නෙ. මේ තමා වැදගත්ම දේවල් ටික. මේවා අත් හදාබලන්නත් පුළුවන්. කෙනෙකුට බලපැමක් කරන්නත් පුළුවන්. නමුත් මම දන්නවා මේවට හරියන උපකරණ නැති නිසා, අමාරුයි කියලා, ඒනිසා කියන්නම්. මොකද මෙ frequency වැරදි දේවල්වලටත් හරි දේවල්වලටත් යොදාගත්ත අවස්ථා ගොඩක් තියෙනවා.

  • හිට්ලර් කාරයා, තමන්ගෙ හමුදාවන්, තවදුටටත් Motivation කරන්න, ඒවගෙම දරුණු අදහස් ඇති අය කරන්න, මේ සංඛ්‍යාත වැරදි විදියට යොදාගෙන තියෙනවා.

440 Hz (Alan Cros)

  • මේක හිට්ලර් නපුර පවත්වාගන්න එයාගෙ ආමි එකට පාවිච්චි කලා.

  • 1935 දී එක්සත් ජනපදයෙ රොක්ෆෙලර් පදනම මෙ 440HZ යොදාගෙන ගොඩක් දේවල් කරලා තියෙනවා.

  • "සංගීත සංස්කෘතිය පාලනය කිරීමට වගෙ.." Metal music එක්ක කෙලින්ම සම්බන්ධකරලා මිනිස්සු හසුරවන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා.

  • අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.. Metal concert එකකට එන ක්‍රවුඩ් එක ගැන. ඉතින් මෙයාලා මෙක පාවිච්චි කරලා තියෙනවා මිනිස්සු හසුරවන්න. මේ 440 Hz ට සුසර කිරීම මිලිටරි අවියක් කියලයි කියන්නෙ.

  • ඉතින් ඔබ නිතරම අධි රිනාත්මක ගීත ආහනවනම් (ගොබ්බ බූට්) දැන්ම නතර කරන්න, ලංකාව වගෙ රටක් හැමදාම තුන්වෙනි ලොකෙ රටක් විදියට තියාගන්නත් මෙ ක්‍රමෙ භාවිතා කරනවා. ගාමන්ට් වලත් එහෙමයි, බූට් සින්දු දාලා තියෙනවා.නැත්තන් සහරා පෑස් වගෙ හො ගොබ්බ බීට් බැන්ඩ් එකක් දානවා. මේවා දාපු ගමන් මිනිස්සු ගොං වෙනවා.අධි රිනාත්මක වෙනව,කරන කිසි වැඩක් හරියන්නෙ නෑ.

  • අපෙ ගොං බිජ්ජො උදෙ පාන්දර බස් වල දාන්නෙත් මේ අධි රිනාත්මක කොත්තු සංගීතෙ..ඉතින් උදේම කනවා මිනිසුන්ගෙ හීන, පවර් එක, motivation එක. බලන්න ජාතියක් විදියට අපි negative වෙන්න එක හේතුවක් මේක

  • මේක කියවලවත් උබලා බස් වල යද්දි කොන්ද පන ඇතුව කියන්න ඕවා දාන්න එපා කියලා.මගීන් ගෙ පොදු ගැටලු කතා කරන්න, වෙනම නම්බර් එකක් තියෙනව ඒකට කෝල් කරලා කියන්න.නීතියෙන් පවා තහනම්, ඕවා දාන්න අනුන්ට කරදරයක් වෙන්න.

මෙවගෙ frequency වල රහස් ටිකක්

  • 396HZ - ශෝකය බිය කාලකන්නි කම, වරදක් කලායැයි හැගීම, ( මේකෙන් පුළුවන් නොකල වැරැද්දකට කෙනෙක්ව බිය ගන්වලා අහුකරන්න )

  • 417HZ - පිරිසිඳු , සුවදායක TRAUMATIO අත්දැකීම් සහ යහපත් ආකල්පමය වෙනසක් කරන්න යොදාගන්නවා,

  • 432HZ -කියන්නෙ Music වලට පාවිච්චි වෙන එකක්,ගොඩක් විශිෂ්ඨ නිර්මාන වල මෙ සංඛ්‍යාතය අනුගත වෙනවා.

  • 528HZ - මනස සුව කිරීම සාමය පවත් වා ගැනීමට යොදාගන්නවා, මේක ස්වභාවදහමෙ ආශ්චර්යය ස්වරය කියලා කියනවා. මේක ස්වභාවික සංඛ්යාතයක්. DNA අලුත් වැඩියා කරන්න recode කරන්න,සුව කරන්න,අවුල් හදන්න, ජීවිතය හොද දේකට පරිවර්තනය කරන්න යොදාගන්නවා,මේක ආශ්චර්යයක්.

  • 639HZ - මේක යොදාගන්නවා නිරන්තර සන්නිවේදනය කරන්න,හොදින් දේවල් අවබෝධ කර ගැන්න, ධෛර්යය සහ ආදරයට.. (කැල්ලක් ටෝක් කරනවම් මේක ට්‍රයි කරපල්ලා )

  • 741HZ -මේකෙ බලය කොච්චරද කියනවනම් ආත්මතෘප්තිය වැඩි කරනවා. මාරම ගැම්මකින් ඉන්න පුළුවන්. ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.. කිසිම එකක්. මේවල තව පැත්තක් ඊලගට කතා කරමු එතකොට තේරෙයි මොකක්ද මෙ කිව්වෙ කියලා. විශ සෛල පිරිසිදු කරන්නත් මේ සංඛ්‍යාතය යොදාගන්නවා.

  • 852HZ- මේක ආධ්‍යාත්මික ලෝකයත් එක්ක සම්බන්ධ ඉහලම සංඛ්‍යාත රටාවක්, ආධ්‍යාත්මික නියෝගවලට අනුව ඔබේ කම්පනයන් වලින් හිතාගන්න මැරි මැජික් වැඩ කරන්න පුළුවන්

  • 963HZ - මේක සම්බන්ධ වෙන්නෙ දෙවියන් සදහා, ඉහල සංඛ්‍යාත දරන දෙවියන් බ්‍රහ්මයන් සමග ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙන්න යොදාගන්නවා..මේකෙ මුල් සැකසුම්, ආලෝකය සහ දෙවියන් සඳහා සෘජු සම්බන්ධතාවයක් තියෙනවා.



  • හරිනෙ ඔන්න මම ශබ්දතරංග ගැන මට පුළුවන් විදියට පැහැදිලි කලා. දැන් එන්න හදන්නෙ, ආධ්‍යාත්මය සහ තරංග භාවිතයන් කොහොමද විද්‍යාඥ්ඥයො දැක්කෙ කියන එක. සනාත කරගෙන නම් නෑ හරියටම ඒත් ඇත්තටම මේක තමා වෙන්නෙ.


DR Emoto



  • 1999 Masaru Emoto කියන ජපන් විද්‍යාඥයා විවිධ තැන් වලින් ලබා ගත් ජල සාම්පල ශීත කරපුවම සැදෙන ක්‍රිස්ටල්ස් (ස්ඵටික) එකිනෙකින් වෙනස් බව පෙන්වුවාලු. නමුත් විශේෂත්වය වන්නේ මිනිසුන්ගේ සිතිවිලි වලට සාපේක්ෂවත් ජලයේ සෑදෙන ස්ඵටික හැඩයන් වෙනස් වෙන බව ඔහු පැවසීම. ඒ කියන්නේ සිතිවිලි අනුව ජල අනු වෙනස් වන බව.

  • මොහු මේ ගැන පර්යේෂන වාර්තාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එයට සම්බන්ධ ඡායාරූප කීපයක් තමයි පහල පෙන්වනවා කියලා කියන්නේ. මේ ඔහු ගැන විකිපීඩියා පිටුව (https://en.wikipedia.org/wiki/Masaru_Emoto) හොද සිතිවිලි වලට හැඩවත් ස්ඵටික හැදෙන බව ඔහු කිව්වා. නමුත් මෙයට අනෙක් විදාඥයන් විරුද්ධ උනේ ජලයට ම.කයක් තිබිය නොහැකි බව කියමින්. නමුත් මම දැකපු විදිහට ඔහුට ගොඩක්ම විරුද්ධව පල කරලා තිබුනු අදහස පාලක පර්යේෂනයක් නොතිබීම. මේ රැෂනල් විකියේ තර්කය (https://rationalwiki.org/wiki/Masaru_Emoto) .

  • නමුත් අපි සාමානයෙන් දන්න විදිහට මෙහෙම සරලව නෙමෙයි ඔවුන් ප්‍රතිතර්ක ගෙනෙන්නේ. මෙයටම සාපේක්ෂව 1998 වගේ හෝමියෝපති වෛද්‍යවරුන් පිරිසක් විසිනුත් මෙවැනි අදහසක් ගෙන ආ බවත් එය සම්පූර්ණයෙන්ම නිෂප්‍රභා කර දැමූ බව පැවසෙනවා පර්යේෂන මගින්ම විශේෂයෙන්ම ජල අනු යනු නිසල නොවන දේ යන්න ගැනීම මගින්ම. නමුත් Masaru Emoto ගේ පර්යේෂනය ට වඩා ටික්ක වෙනස් බවයි පෙන්නේ. ඔහු මේ බව යම් යම් ධාන්‍ය ඇට ඇසුරෙන්ද පෙන්වා තිබෙන බවක් දුටුවා. මේ පර්යේෂන යූටුයුබ් හි සමහරුන් කරමින් එය සත්‍යයක් බව පෙන්වන ආකාරයත් දැකිය හැකියි. සිතිවිලි මගි්න් හා සිතිවිලි හා බැදුනු කටහඩ මගින් ජල ස්ඵටික වෙනස් වේද? කියන එකයි පර්යේෂනය විය යුත්තේ. පාලක පරීක්ෂණයක් තියා ගන්න අමතක නොකර හොද අන්තීව්ක්ෂයක් තියෙනවානම් පහසුවෙන් කල හැකි පර්යේෂනයක් නිසා කරලා අපටත් විස්තර කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොදයි.

  • Masaru_Emoto නිවැරදි බව හා ඔහුගේ විස්තර ඇතුලත් ඔහු වෙනුවෙන් නිමැවුනු වෙබ් අඩවිය ට මෙතනින් යන්න පුලුවන්. https://www.masaru-emoto.net/en/

  • water memory කියලා ගැහුවම ගොඩක් ලිපි එයි. ‍මේ 2015 නැවතත් ජරමන් විද්‍යාඥයකු මෙය සත්‍ය බවට කරපු ප්‍රකාශයක් https://www.collective-evolution.com/.../study-shows.../

  • මේ යූටුයුබ් https://www.youtube.com/results?search_query=water+memory මේක අපෙ උප්සල් යෝදයගෙ පොස්ට් එකක්. අමුතුවෙන් හොයලා දන්න ඔනෙ නැනෙ. ඔක්කොම විස්තරෙ තියෙනව මෙ DR emoto ගෙ water experiment එක ගැන.

  • හරි දැන් ඕගොල්ලො දන්නවා යම් තරමකට මොකක්ද මෙ චේතනාව සහ භෞතික යමකට ඇති සම්බන්ධය කියලා. මේකතවදුරටත් ක්වන්ටම්ලි විසදගෙන යනවා, ඒනිසා අපි ඒක පැත්තකින් තියලා මේක සත්‍යක් ලෙස ගමු.

  • චේතනාහං භික්කවෙ කම්මං වදාමි කියන එක කොච්චර ප්‍රභලද කියලා පේනවනෙ.

  • මම මෙ කියන හැම කරුනකටම ලොකු විස්තරක් තියෙනවා පහුගිය පෝස්ට් සමග මෙයත් කියවා තේරුම් ගන්න, පැහැදිලි වෙයි,

  • අපි කතා කලෙ Sound healing ගැන, සරලවම Sound healers ලා කියන්නෙ Musicians ලටම තමා, නමුත් එය වඩා අර්ථයෙන් තාක්ශනයෙන් සුව කිරීමටම යොදාගන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාලා සාම්ප්‍රදායික භාණ්ඩ යොදාගෙන අති තියුනු නාද රටා උසස් frequency පරාසයන්ගෙන් මේ වැඩෙ කරගෙන යනවා.

  • මෙය සෑම රටකම වාගෙ ක්‍රියාත්මකයි, විද්‍යාත්මකයි,

  • දැන් ඔයාලට හොදටම පැහැදිලි ඇති, Sound healing ගැන.

  • මේක කියවලා මෙ සංඛ්‍යාතයන් Youtube වලින් හොයලා, අත් හදාබලන්න හිතපු අයට නරක ආරංචියත් තමයි කියන්න යන්නෙ.

  • ඇත්තටම මෙ Youtube වල තියෙන කිසිම සවුන්ඩ් එකක් මුල් නිපදවපු සද්දයට සමාන නෑ. Youtube වල තියෙන Sound healing ගොඩක් සාර්ථක නෑ. හේතුව වෙන්නෙ අපි ෆෝන් එකෙන් අහන ගොඩක් සංඛ්‍යාත වැරදියට ඇහෙන්නෙ. ඒකට ගොඩක් හේතු තියෙනවා, Sample rate වලින් තරංගයෙ ගුන කැපෙනවා. සාම්පල් රේට් ගැන පොඩ්ඩක් හොයන්න.

  • ස්වභාවික අන්වායාම තරංගයක් , ඩිජිටල් බයිනරි විදියට කන්න්වර්ට් වෙනකොට, සාම්පල් රේට් වලින්, Harmonic ගුන / තරංගයෙ ගුන කැපෙනවා..ගොඩක් කැපෙනව..


දැන් ඔන්න ඔයාලා ට්‍රිගර් වෙන්නයි යන්නෙ

  • පොඩ්ඩක් රිදෙයි, මමත්වය ඉස්මතුවෙයි, සම්මා සතියෙන් යුතුව තේරුම් ගන්නකො කියන දෙ ඒ ඇති. මේදවස්වල කතා වෙන දෙයක් තමයි රතන සූත්‍රය සජ්ජායනා කරන්න කියන එක.

  • ඉතින් මෙ රතන සූත්‍රය හො වෙන ඕනෑම සූත්‍රයක් සජ්ජායනා කර හො බෙරිහන් දීමෙන් පලක් තිබේද..?

  • රතන සූත්‍රය පාලියෙන් සජ්ජායනා කල විට හො ඇසීමෙන් , කෙසෙද සෙතක් වෙන්නෙ..?

  • ඔබට රතන සූත්‍රය ඇසෙන විට පාලි සමග..? ට්‍රාන්ස්ලෙට් වෙලා..?

  • රතන සූත්‍රය සජ්ජායනා කල යුත්තෙ අශ්ඨ ආර්‍ය පුද්ගලයෙක්, ඒකියන්නෙ සෝවාන් - අර්හත් දක්කවා සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් නික්මුන අවබොධය ලබපු කෙනෙක්. මෙය සජ්ජායනා කරන්නෙ ඒසෙ කෙනෙක්ද? එසෙ කෙනෙක් නම් ප්‍රතීඵල සහිත වේ.

  • චේතනාහං භික්කවෙ සම්පූර්ණ වෙන්නෙ මෙම ප්‍රාර්ථනා සියල්ල, මනසින් දැනගෙන ප්‍රඥ්ඥාවෙන් අධිශ්ටාන කිරීමෙන්නෙ. එතකොට මේක පාලි වචනවලින් පාලි දන්නෙ නැති අපට තේරුමක් නැනෙ? චේතනාහං භික්කවෙ කම්මං වදාමි අමු අමුවෙ පැහැර හැරලනෙද?

  • තවද කොරෝනා යනු වෛරස් එකක් මිස අමනුස්ස දෝශයක් නොව, ඉතින් රහතෙක් වුනත් මෙය සජ්ජායනා කලත් අමනුස්ස දෝස සුවවීම හැර කොරෝනා සුව නොවෙ? එසෙනම් රතන සූත්‍රය කීමෙ ඇති ඵලය?

  • රතන සූත්‍රය සජ්ජායනා කලාම මැජික් එකක්වගෙ හොද වෙනවා කියලා කියන ගොං බිජ්ජොන්ට, මේ සූත්‍රය කියවන එක වටිනවා. මෙවැනි වසංගත ඉස්සරත් ආවා, ඒකාලෙ විදියට බුදුන් වහන්සෙ උපදෙස් දුන්නා මෙහෙම ....

ප්‍රසංගාත් ගාත්‍ර සංස්පර්ෂාත් නිශ්වාසාත් සහබෝජනාත්, සහශයියාසනාස්චාපි වස්ත්‍රමාල්‍යානුලේපනාත්, කුෂ්ඨං ජ්වරශ්ච ශෝෂශ්ච නේත්‍රාභිශ්‍යන්ද ඒවච, ඖපසර්ගික රෝගශ්ච සංක්‍රමන්ති නරාන්තරම්||

සුශ්‍රැත සංහිතාව / කුෂ්ඨ නිදාන

  • ප්‍රසංගය,ගාත්‍රාදී ස්පර්ෂය, නිශ්වාසය, එක්ව භෝජනය, එක්ව විසීම් හිඳීම් ආදිය, රෝගීන් හා වස්ත්‍ර ,මාලා,අනුලේපනාදී පරිභෝග වස්තු භාවිතය යනවායින් ජ්වරාදී (සංක්‍රාමක උණ ආදී ) සංක්‍රාමක රෝගයෝ මිනිසුන් අතර සංක්‍රමණය වෙත්.

  • මේ දවස් වල ආරක්ෂාවට හොඳ කරුණක්..සුශ්‍රැතයෙන් !

  • දැන් බලන්න, රතන සූත්‍රයක් කියන්න කියලා කිව්වද ගෞතම බුදුන්.? නැනෙද ? හරි ලස්සනට මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියලා දුන්නා, මේවා හැමදාටම වලංගුයි, ගොං හරක් තාම එකතුවෙල රතනසූත්‍රය කියනවා

චරක සංහිතාවේ ජනපදෝධ්වංස විමානය

  • මට පෞද්ගලිකව රතන සූත්‍රයට වඩා කරණිය මෙත්ත සූත්‍රයෙ සමස්ථයක් ලෙස, "මුලු විශ්වයම සුවපත් වෙත්වා" කියා උදෙ සවස සිතින් මෙනෙහි කිරීම ප්‍රතිඵල දායක යැයි සිතෙ.

  • උත්තර දෙන්න පුළුවන්ද..?

  • මම හිතනවා ඔබ සැබැ බෞද්ධයෙක් කියලා. මොකද බහුජ්ජයන්ට නම් ඉක්මනින් කේන්ති යනවා. අටලොදහමට නොසැලී ඉන්න බෑ..

  • ඒවගෙම ඕනම පිරිතක් එහි තේරුම නොදැන කීමෙන් හො බෙරිහන් දීමෙන් , ඇති ඵලයක් නෑ. ඔබ දන්නවාද පිරිත් වල නාද මාලව සෑදි ඇත්තෙ අප පැරණි ජන ගායන ශෛලියෙ නෙලුම් ඕසෙ නාදමාලාවෙන්.

  • කෙටි ස්වර පරසායක විහිදෙන මෙම නාදමාලාව සජ්ජායනා කිරීමෙදි ඇති වන නාදයෙ frequency එකෙන්, ජලයෙ අනුක හැඩය හො ජලය අනුනාදයෙන් කම්පනය කිරීමට,නම් මේ නාදමාලාවෙන් දවස් 7ක් වත් එකදිගට සජ්ජායනා කල යුතුය. මා එසෙ සජ්ජායනා කොට ඇස්පනා පිට උතුරවන ලද පිරිත් මණ්ඩපයක් දැක තිබෙ.

  • මෙය එක්තරා ආකාරයක Sound healing ක්‍රමයකි, නමුත් 100% සර්ථක නොමැත, එසේම එය බුදු දහමද නොවෙ.

  • එව්වගෙම අපෙ ලංකාවෙ තිබ්බ, ශාන්තිකර්ම, ඉතාමත් නිවැරදි sound healing meditation ක්‍රම, ඒවගෙම ඔය මන්තර ගුරු කම් කියන්නෙත් ශබ්ද විද්‍යාව යොදාගෙන කරන එක වැඩක්.

හරි පෝස්ට් එක ඉවරයි, දැන් මම සමාව ගන්නවා මේකෙ වැරැද්දක් තිබ්බොත්. මොකද මට Science වල Academic background එකක් නෑ.. තනියෙම හොයාගෙන ඉගෙන ගත්තුවා, ආසාව වැඩි කමටම, වැරැද්දක් තිබ්බොත් ටග්ගලා පෙන්නන්න. මම ඉන්න, ඉගෙන ගන්න, රැකියාව කරන Subject එකට මේ පොස්ට් එක අදාල නිසා, මම නම් මේවා පාවිච්චි කරනවා. ඔයාලත් කරලා බලන්න, පුළුවන් තරම් ස්වභාවදහමත් එක්ක ඉන්න ඒක තමා හොදම sound healing එක.


මම Nadeeja Matharaarachchi - ඔයාලගෙ වීරයා

45 views0 comments

Recent Posts

See All

Comments


  • iTunes
  • Spotify
  • Google Play
  • Deezer
  • Amazon
  • YouTube
  • TikTok
  • SoundCloud
  • Facebook
  • Twitter
  • Instagram

Thanks for submitting!

available now on every platform

iTunes, 7digital, 8tracks, Akazoo, Amazon Music, Amazon On Demand, Anghami, Boomplay, Claromúsica, CÜR, Deezer, Google Play, Gracenote, iHeartRadio, JB Hi-Fi, Joox, KKBox, Kuack Media Group, MediaNet, Music Island, Napster, Neurotic Media , Pandora, Q.SIC, JioSaavn, Shazam, simfy africa, Slacker, Spinlet, Spotify, TargetMusic, Tencent, TIDAL, TikTok, TouchTunes & PlayNetwork, VerveLife, Yandex.Music, YouSee Music, YouTube Music, Zvuk

bottom of page